Sunday, October 6, 2013

අතැර ගිය හැටි...

මිරිඟුවට මුලාවී, දියසොයා ඇදී ගිය
සිතක් තනිවී ගොලු මුහුද අභියස
මහමෙරක් තරමට සුසුම් හෙලනා හද
අන්ධකාරයේ හැර හිරුත් බැස ගිය කල

තෙරක් නැති සිතිවිලි ඉකි බිඳින ගිනියම් සිත
පිබිඳුනේ හඬ ඇසී රළ බිඳෙන සයුරු තෙර දෙස
අයාලේ ඇදී යන වළාවක් ලෙසින් වෙද
මගේ පා එසවුනේ මටත් හොර රහසේම

ඉකි බිඳ තනිවම දිව ඇදෙන මා වෙත
ඔබ සේම විත් තුරුලු කර ලයට
සිප සනසවා මා වෙලාගත් රළපෙල
අතැර ගිය හැටි රැගෙන, අවසන් හුස්ම පොද..