Saturday, December 14, 2013

මළ මුහුද...

හුරු පුරුදු තනිකම
නුහුරු නුපුරුදු කර
දුරැති සඳටම
ලොබ බැන්ද හැටි මම


ලං වනතෙක්ම ක්ෂිතිජය
දියට බැස්සේ පිහිනන්න
නොදැන නොව දැන දැනම
අහස බෝ දුර බව


එහෙත් සඳවත වෙත
දියේ කිමිදී සතුටින්
ලං වන්න සිතුවේ
මළ මුහුදෙ නොවෙද මම


Sunday, October 6, 2013

අතැර ගිය හැටි...

මිරිඟුවට මුලාවී, දියසොයා ඇදී ගිය
සිතක් තනිවී ගොලු මුහුද අභියස
මහමෙරක් තරමට සුසුම් හෙලනා හද
අන්ධකාරයේ හැර හිරුත් බැස ගිය කල

තෙරක් නැති සිතිවිලි ඉකි බිඳින ගිනියම් සිත
පිබිඳුනේ හඬ ඇසී රළ බිඳෙන සයුරු තෙර දෙස
අයාලේ ඇදී යන වළාවක් ලෙසින් වෙද
මගේ පා එසවුනේ මටත් හොර රහසේම

ඉකි බිඳ තනිවම දිව ඇදෙන මා වෙත
ඔබ සේම විත් තුරුලු කර ලයට
සිප සනසවා මා වෙලාගත් රළපෙල
අතැර ගිය හැටි රැගෙන, අවසන් හුස්ම පොද..

Monday, September 16, 2013

එක මොහොතක් ජිවිතයේ....

 
එක මොහොතක් ජිවිතයේ
හමු නොවුනා නම් ඔබ..
 
සංසාරේ කෙදිනක හෝ
ලං නොවුනා නම් අප..
සතුටක් නැතත් ජිවිතයේ
කදුළු නතර වෙන්න තිබුනා..