Saturday, December 14, 2013

මළ මුහුද...

හුරු පුරුදු තනිකම
නුහුරු නුපුරුදු කර
දුරැති සඳටම
ලොබ බැන්ද හැටි මම


ලං වනතෙක්ම ක්ෂිතිජය
දියට බැස්සේ පිහිනන්න
නොදැන නොව දැන දැනම
අහස බෝ දුර බව


එහෙත් සඳවත වෙත
දියේ කිමිදී සතුටින්
ලං වන්න සිතුවේ
මළ මුහුදෙ නොවෙද මම


Sunday, October 6, 2013

අතැර ගිය හැටි...

මිරිඟුවට මුලාවී, දියසොයා ඇදී ගිය
සිතක් තනිවී ගොලු මුහුද අභියස
මහමෙරක් තරමට සුසුම් හෙලනා හද
අන්ධකාරයේ හැර හිරුත් බැස ගිය කල

තෙරක් නැති සිතිවිලි ඉකි බිඳින ගිනියම් සිත
පිබිඳුනේ හඬ ඇසී රළ බිඳෙන සයුරු තෙර දෙස
අයාලේ ඇදී යන වළාවක් ලෙසින් වෙද
මගේ පා එසවුනේ මටත් හොර රහසේම

ඉකි බිඳ තනිවම දිව ඇදෙන මා වෙත
ඔබ සේම විත් තුරුලු කර ලයට
සිප සනසවා මා වෙලාගත් රළපෙල
අතැර ගිය හැටි රැගෙන, අවසන් හුස්ම පොද..

Monday, September 16, 2013

එක මොහොතක් ජිවිතයේ....

 
එක මොහොතක් ජිවිතයේ
හමු නොවුනා නම් ඔබ..
 
සංසාරේ කෙදිනක හෝ
ලං නොවුනා නම් අප..
සතුටක් නැතත් ජිවිතයේ
කදුළු නතර වෙන්න තිබුනා..

Tuesday, February 28, 2012

ඔය හිත දෙනවද

හිතට දැනෙන ආදරෙක
මෙලෙක වචන ටික...
ලගට ලංව කිය දෙන්න
හදාගන්න හිත...
කෝල හිනාවක සුන්දර
නොකි කතාවක...
නැවතුම කොයි කොතැන
වෙද කියනවද මට...
 
නුබට ලොබ වි මියෙන්න
දුකකුත් නෑ හෙට
අඩන්න පන වගෙ රකිමි
වැටෙන කදුළු ටික...
නිදන්න පපුතුලෙ ඔහොම
ඉඩක් දුන්නෙ මට...
හිලව් වෙන්න ඉල්ලන්නද
මගෙ හුස්ම ටික...

රිදෙන්න තව රිදව ගන්න
හිතකුත් නැති මට...
බලන්න මේ ඇස් දිහාම
යන්න කියනවද...
හිදින්න එක බැල්මක් ඇති
සසර පුරාවට...
කියන්න ඔය හිත දෙනවද
දුප්පත් කෙල්ලට...

Thursday, February 23, 2012

කවදාවත්ම...දුක හිතුනෙම නැද්ද.....


මල් පොහොට්ටු පොපියවන
මේ සොදුරු යෞවනය
කදුළක සගවන්න ඉඩ දෙන්න..
රිදවන්න..
ඈති තරම් රිදවන්න...
දුක් දෙන්න..
තව දුක් දෙන්න..
ඉතිං..
දෑන් හිනෑහෙන්න
කමක් නෑ...
කියන්න මේ තරම්
දුක් දෙන්න..
දුක හිතුනෙම නැද්ද...
කවදාවත්ම...

Sunday, February 19, 2012

ඉතින්... මට ඉඩ දෙනවද?

ඔය මූණ දැක්කහම මගේ හිත
මේ තරම් තිගැස්සෙන්නේ
ඇයිද මන්දා
ඔයාගේ හිනාවට මගේ හිතේ
හැම දුකක්ම
නැති වෙනවා
සත්තයි...
මට මොහොතකට හුස්ම ගන්නත්
අමතක  වෙනවා
මම හිතුවා මගේ හුස්ම ‌නවතී කියලා
ඔව්...
ඔයා කොහේදෝ ඉදලා ඇවිත්
මට මාවත් අමතක කරලා
ඔයා කදුකර හැන්දෑවක
මීදුම වගේ
ඉර ගිලෙන වෙලාවෙ
බටහිර අහස වගේ
හිටි හැටියේ කඩා හැලෙන
මල් වැස්සක් වගේ
ඉතින් අහන්න
අහස වගේ
වැස්ස වගේ
මීදුම වගේ
මට ඔයාව විදින්න ඔනේ
ඉතින් මට ඉඩ දෙනවද  ඒ
ආදරේ විදින්න....

Thursday, February 9, 2012

මං ආදරේයි...

ඔයාට ලංවෙන හැම වෙලාවක්ම
ඇත් කරන්න හදන...

ඔයාට ආදරේ කරන හැම වෙලාවක්ම
හිත රිද්දන...

ඔයාව සතු‍ටු කරන හැම වෙලාවක්ම
මාව අඩවන...

ඔයාව මගෙම කරගන්න හැම වෙලාවක්ම
මාව එපා කියන...

ඔයාට මං පනටත් වඩා ආදරේයි...

මුළු ලොකෙටත් වඩා ආදරේයි...