Sunday, February 19, 2012

ඉතින්... මට ඉඩ දෙනවද?

ඔය මූණ දැක්කහම මගේ හිත
මේ තරම් තිගැස්සෙන්නේ
ඇයිද මන්දා
ඔයාගේ හිනාවට මගේ හිතේ
හැම දුකක්ම
නැති වෙනවා
සත්තයි...
මට මොහොතකට හුස්ම ගන්නත්
අමතක  වෙනවා
මම හිතුවා මගේ හුස්ම ‌නවතී කියලා
ඔව්...
ඔයා කොහේදෝ ඉදලා ඇවිත්
මට මාවත් අමතක කරලා
ඔයා කදුකර හැන්දෑවක
මීදුම වගේ
ඉර ගිලෙන වෙලාවෙ
බටහිර අහස වගේ
හිටි හැටියේ කඩා හැලෙන
මල් වැස්සක් වගේ
ඉතින් අහන්න
අහස වගේ
වැස්ස වගේ
මීදුම වගේ
මට ඔයාව විදින්න ඔනේ
ඉතින් මට ඉඩ දෙනවද  ඒ
ආදරේ විදින්න....

1 comment: